නවසද බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද
අභිනව සුර්ය වර්ෂය සදහා මැයි මස 09 වන බ්‍රහස්පතින්දා දින ද නව සද බැලීම මැනවි
පරණ අවුරද්ද සදහා ස්නානය
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14වෙනි ඉරිදා දින අපර භාග 02.09ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
පුණය කාලය
අප්‍රේල් මස 14 වන ඉරිදා පුර්ව භාග 7.45 සිට එදින අපර භාග 8.33 දක්වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 14 වන ඉරිදා පුර්ව භාග 7.45ට පළමුව ආහාර පාන ගෙන සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 02.42ට රතු කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරි බතක් ද,තිකුළු මිශ්‍ර (ඉගුරු,ගම්මිරිස්,තිප්පිලි යන කුළු බඩු දමා) අග්ගලා සහ කැවුම් පිලියල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම්,ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 03.54ට රතු කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17වෙනි බදාදා පුර්ව භාග 07.40ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද,පයට කොලොන් පත් ද,තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සදහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18වෙනි බ්‍රහස්පතින්දා පුර්ව භාග 04.52ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
sinhala,sinhala aluth aurudu,aluth,sinhala aluth avurudu 2019,aluth aurudda,2019 sinhala litha
facebook යාලුවන්ටත් බලන්න share කරන්න. පල්ලෙහා තියන facebook Button එක ඔබන්න
0 comments