විද්‍යත්මක ක්‍රමය-vidyathmaka kramaya- ( Scientific method)
By Avishka Asath - March 19, 2019
අපේ වැඩසටහන් මාලාවේ පළමු පියවරේ දී මම කියලා දෙන්නේ විශේෂ දෙයක් ගැන, මම ඔයාලට අද කියලා දෙන්නේ විද්‍යාත්මක ක්‍රමය ගැන, විද්‍යාව ගැන ඉගෙන ගන්නා අපි හැමෝම විද්‍යාත්මක ක්‍රමය ගැන දැනගෙන සිටිය යුතුමයි .
ඇයි අපි විද්‍යාත්මක ක්‍රමය ගැන දැනගන්න ඕන වෙන්නේ?
විද්‍යාත්මක ක්‍රමය ඉගැනීමෙන් අපි යමක් අධ්‍යනය කලයුතු නිවැරදි ක්‍රමවේදය අපට දැනගන්න ලැබෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ දී එන ගැටලුවලට මුහුණ දෙන විදිහ ගැටළු වලදී නිවැරදි තීරණ ගන්න විදිහ අපට විද්‍යාත්මක ක්‍රමය අධ්‍යයනයෙන් ඉගෙන ගන්න පුලුවන්
ඔබ දන්නවාද විද්‍යාත්මක ක්‍රමය හඳුන්වා දුන්නේ කවුද කියලා?
විද්‍යාත්මක ක්‍රමය පියවර පහකින් යුක්ත වේ
1. නිරීක්ෂණ ලබාගැනීම
2. නිරීක්ෂණ නිසා ඇතිවන ගැටලු හඳුනාගැනීම
3. ගැටලුවලට අනුමාන විසඳුම් ඒ කියන්නේ කල්පිත ඉදිරිපත් කිරීම
4. කල්පිත පරීක්ෂා
5. නිගමනවලට එළඹීම
A good scientist is always a good observe
හොද විද්‍යාඥයෙක් සෑම විටම හොඳ නිරීක්ෂකයෙක් වෙනවා
නිරීක්ෂණයක් යනු කුමක්ද ?
නිරීක්ෂණයක් යනු සංවේදී ඉන්ද්‍රිය ඒ කියන්නේ ඇස ,කණ, නාසය ,දිව, සම සහ ආධාරක උපකරණ භාවිත කරමින් පරිසරයේ ඇති ද්‍රව්‍ය සහ සිදුවීම් වල සභාවය ඒ වගේම හැසිරීම හඳුනා ගැනීමය
සංවේදී ඉන්ද්‍රියන් මගින් ලබාගන්නා නිරීක්ෂණ වලට සංඛ්‍යාත්මක අගයක් ලබා දීමට මිනුම් උපකරණ උදව් වෙනවා සංවේදී අගයක් විතරක් ඇති දේකට සංඛ්‍යාත්මක අගයක් ලබා දුන් විට නිරීක්ෂණ වඩාත් විද්‍යාත්මක වෙනවා
අපි අවට පරිසරය සහ එහි ඇති දේවල් නිරීක්ෂණය කිරීමේදී අපිට විවිධ ගැටලු ඇති වෙනවා අපි යමක් අධ්‍යයනය ආරම්භ කරන්නේ පරිසරය නිරීක්ෂණය කිරීමේදී අපට ඇති ගැටලුව වේ.
අහස නිල් පාට ඇයි ඒ වගේම වැහි වළාකුළු කලු පාට ඇයි ඔබ මේවා ගැන මොහොතක් සිතා තිබේද??
විද්‍යාඥයන් නම් ඒ වගේ ගැටලු තියාගෙන නිකං හිටියෙ නෑ විද්‍යාඥයන් ඔවුන්ට නැගුණු ගැටළු වලට විසඳුම් සොයා ගැනීමේදී පළමුව අනුමාන විසඳුම් ඉදිරිපත් කරනවා මේ අනුමාන විසඳුම් එක්වරට හරි කියලා පිළිගන්න නෑ, ඒ වගේම වැරදි කියලා ඉවත දාන්නෙ නෑ
මේ ආකාරයට ඉදිරිපත් කරන අනුමාන විසඳුම් හරි හෝ වැරදි කියලා තීරණය කරන්න නම් අපි එක ගැන හොයලා බලලා ඉන්න ඕන
ගැටලුවකට ඉදිරිපත් කරන සෑම අනුමාන විසඳුමක් ම එකින් එකට ගෙන ඒවා හරිද? වැරදි ද? කියල පරික්ෂා කරල බලනවා වැරදි අනුමානයන් ඉවත දමා නිවරදි පිළිතුර සොයා ගන්න අපිට පුළුවන් වෙනවා
මේ විදිහට නිරීක්ෂණ මගින් ඇතිවන ගැටලුවලට කල්පිත ගොඩනගමින් ඒවා පරික්ෂා කරමින් විසඳුම් සොයා ගැනීම අපි විද්‍යාත්මක ක්‍රමය කියලා හඳුන්වනවා
මේ ආකාරයට විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ ලොවට බිහි වූ අලුත් දේවල් ගැන ඔබ දන්නවාද?
ගසකින් ගිලිහී පොළොවට වැටුණු ඇපල් ගෙඩියක් නිරීක්ෂණය කරපු අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ සංකල්පය ලොවට හඳුන්වා දුන්නා
රෝග කාරක බැක්ටීරියා ගැන පරීක්ෂා කරපු alexander fleming පෙන්සිලින් නම් ප්‍රතිජීවක ඖෂධය සොයා ගත්තා.
මේ ආකාරයට විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ ලොවට බිහි වූ අලුත් දේවල්, නව නිපැයුම් බොහෝමයක් තියෙනවා
දැන් ඔබට හොඳ අවබෝධයක් ඇති විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ මොකක්ද කියල එදිනෙදා ජීවිතේදි ඇතිවන ගැටලුවලට කල්පි ඉදිරිපත් කරමින් පර්යේෂණ වල නිරත වී වටිනා නිගමන සංකල්ප නිපැයුම් ලොවට ඉදිරිපත් කිරීමට ඔබටත් දායක වන්න පුළුවන් සෑම විටම හොඳ නිරීක්ෂකයෙකු වන්න.
2 comments
Thnq 4 this
ReplyDeleteu r welcome :)
ReplyDelete